Physiotherapy for Osteoarthritis – ඔස්ටියෝ ආතරයිටිස් සඳහා භෞතචිකිත්සක ප්‍රතිකාර

Osteoarthritis & Physiotherapy ඔස්ටියෝ ආතරයිටිස් (Osteoarthritis-OA) සන්ධි ආශ්‍රිතව ඇතිවන සංකූලතවයකි. ආතරයිටිස් වර්ග බොහොමයක් ඇති අතර, ඔස්ටියෝ ආතරයිටිස් (OA) වඩාත් ප්‍රචලිත ස්වරූපයයි.ඔස්ටියෝ ආතරයිටිස් (OA) ඇති සන්ධියක, කාටිලේජය (අස්ථිවල කෙළවර ආවරණය කර ආරක්ෂා කරන නම්‍යශීලී සම්බන්ධක පටකයකි) ගෙවී යාමට පටන් ගනී. සන්ධියක් හොඳින් ක්‍රියාත්මක වීමට කාටිලේජය ඉතා වැදගත් වේ. එය කම්පනය අවශෝෂණය කර ගැනීමට සහ අස්ථි අතර චලන සුමටව ඇති කිරීමට ඉඩ සලසයි.

ඔස්ටියෝ-ආතරයිටිස් නිසා සන්ධි වල ඇති කාටිලේජ ගෙවී ගිය විට,

♦️වේදනාව

♦️සන්ධි වල තද ගතිය (JOINT STIFFNESS)

♦️ඉදිමීම ඇති කරයි.

කාලය ගත වීමත් සමග OA ඇති සන්ධි වල කාටිලේජය මුළුමනින්ම නැති වී යන අතර අස්ථි එකට ඇතිල්ලීම නිසා තවත් වේදනාව ඇති කරයි. ඔස්ටියෝ ආතරයිටිස් හා සම්බන්ධ වේදනාව හා තද ගතිය බොහෝ විට සන්ධි අඩුවෙන් භාවිතා කිරීමට හේතු වන අතර එය අවසානයේදී සන්ධි වටා ඇති මාංශ පේශි දුර්වල වීමට හේතු වේ. මාංශ පේශි දුර්වල නම්, සන්ධි සඳහා ආධාරක සැපයීමට ඔවුන්ට ඇති හැකියාව අඩු වන අතර සන්ධි වලට යෙදෙන ආතතිය වැඩි වේ. මේ නිසා දණහිස් සන්ධිය ආශ්‍රිතව ඇතිවන OA බහුලව දක්නට ලැබේ.

️ඔස්ටියෝ ආතරයිටිස් සාමාන්‍යයෙන් මාස කිහිපයක සිට අවුරුදු කිහිපයක් දක්වා කාලය තුළ සෙමින් වර්ධනය වේ. OA වල පොදු රෝග ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ.

▶️අවදි වීමෙන් පසු පළමු මිනිත්තු 15-20 අතර ඔබට සන්ධි වල තද ගතියක් දැනිය හැකිය

▶️මුලදී, වේදනාව ඇතිවන්නේ සන්ධි මත අධික ආතතියක් ඇති වන ක්‍රියාකාරකම් වල යෙදෙන විටයි.

▶️මෙම තත්වය වර්ධනය වන විට, සන්ධි මත සුලු ආතතියක් යෙදෙන දෛනික ක්‍රියාකාරකම් මගින් ද වේදනාව ඇතිවේ

▶️වේදනාව බොහෝ විට විවේක ගැනීමේදී අඩු වී යයි

▶️සන්ධි ඉදිමීම සහ නම්‍යතාවය අඩුවීම සිදුවිය හැක. ඇතැම් විට සන්ධි lock වන බව දැනෙයි

▶️සන්ධියේ චලනයේ හෝ චලනයේ පරාසය අඩුවීමක් ඔබට පෙනෙනු ඇත

ඔස්ටියෝ ආතරයිටිස් ඇතිවීම සඳහා අවදානම් සාධක මොනවාද?

1️⃣වයස: මිනිසුන් වයසින් වැඩි වන විට OA වර්ධනය වීමේ අවදානම වැඩිවේ.

2️⃣පවුල් ඉතිහාසය

3️⃣අධික බර සහ ස්ථුලතව: පුද්ගලයෙකුගේ බර වැඩි වන තරමට, ඔවුන්ගේ පාද, දණහිස, ඉණ ශරීරයේ පහල කොටස් වල ඇති සන්ධි හරහා වැඩි බරක් ගමන් කරයි.

4️⃣සන්ධි වලට ඇතිවන අනතුරු: මීට පෙර අනතුරු වලට ලක්වූ වූ සන්ධිවල OA ඇතිවිය හැක. සමහර විට,අනතුරු වලට සන්ධි වල කාටිලේජයට හානි කළ හැකිය. නැතහොත් සන්ධි චලනය වන ආකාරය කෙරෙහි බලපායි. එමඟින් අනාගතයේදී OA වර්ධනය වීමේ අවදානම වැඩි වේ.

 

පුද්ගලයෙකුට OA වර්ධනය වීමේ අවදානම වැඩි කළ හැකි සාධක කිහිපයක් අපි දනිමු. මෙම සාධක සමහරක් අපගේ පාලනය යටතේ පවතී. භෞත චිකිත්සක ප්‍රතිකාර මගින් තවදුරටත් OA ඇති සන්ධි වලට ඇතිවන හානිය අඩු කල හැකි අතර, OA නිසා ඇති වන අනෙකුත් සංකූලතා ද පාලනය කළ හැක. සන්ධිය වටා ඇති මාංශ පේශි ශක්තිමත්ව හා ක්‍රියාශීලීව තබා ගැනීම වැදගත්ය

♦️භෞත චිකිත්සාව යනු ඔස්ටියෝ ආතරයිටිස්(OA) ඇති පුද්ගලයින් සඳහා විශිෂ්ට ප්‍රතිකාර විකල්පයකි. එය ඔබගේ වේදනාව පාලනය කිරීමට සහ ඔබේ ජීවන තත්ත්වය ප්‍රශස්ත කිරීම සඳහා ඔබේ ක්‍රියාකාරිත්වය උපරිම කිරීමට උපකාරී වේ.♦️භෞත චිකිත්සක ප්‍රතිකාර මගින් ප්‍රධාන වශයෙන්,බලපෑමට ලක් වූ සන්ධිවල චලනයේ සහ නම්යතාවයේ පරාසය උපරිම කිරීම, සන්ධි ආරක්ෂා කිරීම, වේදනාව අවම කිරීම, සන්ධි වටා ඇති මාංශ පේශි ශක්තිමත් කිරීම, මේ නිසා ඇතිවන සංකූලතා අවම කිරීම සිදු කරනු ලැබේ.

D.M RATHNAYAKE

Bsc(HONS) Physiotherapy

University of Colombo

0701573861

Call us and book your appointment today
වේලාවක් වෙන්කර ගැනීමට ඉහත දුරකතන අංකය අමතන්න

+94701573861

Contact us via whatsapp from this number to book an appointment
whatsapp වලින් අපව ඇමතීමට ඉහත අංකය භාවිතා කරන්න

www.facebook.com/physio.lk

please click the following link to contact us via facebook page
facebook පිටුව හරහා සම්බන්ධ වීමට ඉහත link එක භාවිතා කරන්න

Physiotherapy home visiting service in Sri Lanka