කොඳුඇටපෙළ ආශ්‍රිතව ඇතිවන ස්නායු තෙරපීම් සඳහා භෞතචිකිත්සක ප්‍රතිකාර -Physiotherapy for radiculopathy

Radiculopathy යනු කොඳු ඇට පෙළෙන් පිටවන ස්නායු මූලයන් එකක් හෝ වැඩි ගණනක සම්පීඩනය නිසා ඇතිවන තත්වයකි. ස්නායු තෙරපීම ශරීරයේ ක්‍රියාකාරීත්වයට බලපාන අතර තද ගතිය (tightness), වේදනාව(pain), හිරිවැටීම (numbness or tingling sensations) හෝ අත් පා දුර්වල වීමට හේතු වේ.

ස්නායු තෙරපීම ඇති වන්නේ කොඳුඇටපෙළ අසලදී වන නමුත්, රෝග ලක්ෂණ බහුලව දක්නට ලැබෙන්නේ බලපෑමට ලක් වූ ස්නායු මූලයෙන් සපයනු ලබන නිශ්චිත ප්‍රදේශය තුළ ය.

▶️ස්නායු තෙරපීම බොහෝ විට සිදුවන්නේ බෙල්ලේ (cervical) සහ කොන්දේ(lumber region) ය. බෙල්ලේ ඇතිවන ස්නායු තෙරපීම් මගින් උරහිස් හෝ අත් වල රෝග ලක්ෂණ ඇති වන අතර කොන්දේ ඇතිවන ස්නායු තෙරපීම් මගින් බොහෝ විට පාද වල රෝග ලක්ෂණ ඇති වේ. රෝග ලක්ෂණ ශරීරයේ එක් පැත්තක හෝ දෙපැත්තෙන්ම ඇතිවිය හැකිය.

♦️ස්නායු මූලයන් තෙරපීමට හේතු

1️⃣Disc herniation

2️⃣Osteophyte formation (bone growth)

3️⃣Osteoarthritis of the joints

4️⃣Spondylosis (degeneration)

5️⃣Degenerative disc disease

6️⃣Spinal stenosis (narrowing of the nerve pathway)

7️⃣Joint dysfunction (acute injury or stiffness)

♦️ බොහෝ විට , කොඳුඇටපෙළ ආශ්‍රිතව ඇතිවන ස්නායු තෙරපීම් වලට කරනු ලබන පලමු ප්‍රතිකාර ක්‍රමය වන්නේ භෞතචිකික්සක ප්‍රතිකාරයි. ඔබේ භෞතචිකිත්සකවරයාට මෙම රෝගයට මූලික හේතුව හඳුනා ගැනීමට සහ ඔබ සමඟ ඵලදායී ප්‍රතිකාර සැලැස්මක් නිර්මාණය කිරීමට උදව් කළ හැකිය. මුලදී, රෝග ලක්ෂණ අවම කිරීමට සහ ඔබේ දෛනික ක්‍රියාකාරකම් කළමනාකරණය කිරීමට උපකාරී කරන අතර ස්නායු තෙරපීම අවම කිරීමට ආරක්ෂිත ව්‍යායම නිර්දේශ කරනු ලැබේ.

D.M. Rathnayake

BSc(hons) physiotherapy

University of Colombo

0701573861

Call us and book your appointment today
වේලාවක් වෙන්කර ගැනීමට ඉහත දුරකතන අංකය අමතන්න

+94701573861

Contact us via whatsapp from this number to book an appointment
whatsapp වලින් අපව ඇමතීමට ඉහත අංකය භාවිතා කරන්න

www.facebook.com/physio.lk

please click the following link to contact us via facebook page
facebook පිටුව හරහා සම්බන්ධ වීමට ඉහත link එක භාවිතා කරන්න

Physiotherapy home visiting service in Sri Lanka